ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ යුද නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය ජූලි 20 දින කොළඹ වාරයට සේන්දු වූ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක අද (ජුලි 23) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.
මෙම නෞකාවන් මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම සුහද පාපන්දු ක්‍රීඩා තරඟයකට සහභාගිවන ලදි. තවද, මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ සයුර නෞකාව සමග එක්ව මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර පිළිබඳ ඒකාබද්ධ අභ්‍යාසයක් ද නිරත විය.



