ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීමේ දෙවන අදියරය ඇරඹේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව එහි දෙවන අදියරය ආරම්භ කරමින් පානම ඔකඳ පුජා භුමියේ, වව්නියාව කුරුදුපිටිය, ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ යන්ත්‍ර 02 ක් , ශ්‍රීලංනානෞ අග්බෝ සහ ශ්‍රීලංනානෞ ගෝඨයිම්බර යන ආයතනයන් වල ස්ථාපිත කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ඊයේ (ජූලි 22) විවෘත කෙරිණි.
මෙම ජල පිරිපහදු යන්ත්‍ර වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සහ නාවික හමුදා ප්‍රජා සත්කාරක අරමුදලේ මුල්‍ය දායකත්වය ලබා දෙන ලදී. එමගින් එම ප්‍රදේශයන්හි පවුල් 625 කට සිය පානිය ජලය ලබා ගැනිමට හැකියාව ඇත. තවද, නාවික කදවුරු වල පිහිටි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් නාවික පුද්ගලයින් 4281 පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලද මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 236 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින් පවුල් 112,416 කට හා පාසැල් දරු දැරියන් 80,185 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.











