ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 24) රාත්‍රියේ ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 10 ක් පමණ වයඹ දෙසින්වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාව සහ භාණ්ඩ කරෙයිනගර්, ශ්‍රීලංනානෞ එළාර ආයතනය වෙතද ධීවරයින් කන්නසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර ආයතනයටද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.




