නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (24) වෙඩිතලතිව් මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබූ වල්ලම් යාත්රා 2 ක් සහ මීටර් 300 ක පමණ දිගකින් යුත් තහනම් දැල් 4 ක්ද එහිදී අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන්, ධීවර යාත්රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙඩිතලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

