වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය අද (ජුලි 25) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු, නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම්, අධ්යක්ෂ ජෙනරාල් (අයවැය සහ මුදල්), අධ්යක්ෂ නාවික (විදේශ මිලදි ගැනිම්), අධ්යක්ෂ නාවික (අය වැය) රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහභාගි වුහ.
‘pay.navy.lk’ යන අන්තර්ජාල ලිපිනය (Web address) මගින් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර, එමඟින් නාවික පුද්ගලයින් හට වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ සියළුම විස්තරයන් සැකවින් දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.
තොරතුරු තාක්ෂණය සමග කාර්යක්ෂම සේවා කළමණාකරණ ක්‍රමවේදයක් ඇති කර, මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත තත්ත්වයට පත් වු නාවික රණවිරුවන්ගේ ප්‍රතිලාභීන් සඳහා, තම සේවා කාලය අවසන් කර විශ්‍රාම දිවියට පත් නාවික පුද්ගලයින් සඳහාත් සක්‍රීය සේවයේ යෙදී සිටින නාවික පුද්ගලයින් ඇතුළු සමස්ථ ශ්‍රි ලංකා නාවික හමුදා සාමාජිකයින් වෙත වැටුප් හා විශ්‍රාම වැටුප් අංශය පිලිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම මෙම වෙබ් අඩවිය මගින් අපේක්ෂා කෙරේ.


