පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දුෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද සොදිසි කිරිමකදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් අද (ජුලි 25) අත්අඩංගුවට ගන්නා ලදි. මෙම භාණ්ඩ තොගය විකිණිමට සුදානම් කර තිබියදි අත්අඩංගුවට පත්ව ඇත.
ඒ අනුව දේව ප්‍රතිමා 02, හංස යුවල් 01, සිංහ මුද්‍රාවන් 02 ක් සොයා ගැනිමට හැකි වු අතර, ඒවා අධික වටිනාකමකින් යුක්තය. තවද, මෙම භාණ්ඩ සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, එම පුද්ගලයින් හංවැල්ල, මිගමුව, වටිනපහ සහ මත්තමගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



