නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (25) පේදුරුතුඩුව, මානට්කාඩු මුහුදු ප්රදේශයේ වලංගු බලපත්ර රහිතව නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඩිංගි යාත්රා 16 ක්, මාළු දැල් 233 ක් සහ GPS යන්ත්ර 2 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, යාත්රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.












