කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී පේදුරුතුඩුව, වැල්වැටිතුරෙයි ප්රදේශයෙදි කේරළ ගංජා කිලෝග්රෑම් 21 ග්රෑම් 950 ක් සමඟ පුද්ගලයෙකු අද උදෑසන (ජුලි 27) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කේරළ ගංජා තොගය නිවසක් තුළ සඟවා තිබියදී අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
