අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූලි 28) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
පසුගිය ජූලි 25 වන දින මෙම බහුදින යාත්‍රාව කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූණි. එහිදී, මෙම පුද්ගලයා හදිසි හෘදයාබාධයකට ගොදුරු වී ඇති අතර, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට ලබා දුන් පණිවිඩයකට අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත පී 411 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යවන ලදි.
ඒ අනුව, හම්බන්තොට ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 37 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉන් අනතුරුව, රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට, දිස්ත්‍රික් රෝහල යොමු කිරීමට ද කටයුතු කරන ලදී.



