එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස්, ටොම් බර්න් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශක, කපිතාන් ස්ටුආට් බෝර්ලන්ඩ් මහතා ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




