කේරළ ගංජා ග්රෑම් 300 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මිරිස්ස, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක්, වැලිගම පොලිසීයේ සහය ඇතිව අද (ජූලි 30) කළ වැටලීමකදී කේරළ ගංජා ග්රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු වැලිගම ප්රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ග්රෑම් 300 ඉදිරි නීතිමය කටයුතු සඳහා වැලිගම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
