ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි
සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (අගෝස්තු 01) මෙරටට පැමිණි ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කර්ව් මහතා අද උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීය.
මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඇතුළු, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් පිරිසක්ද සහභාගි වී සිටියහ.









