ඉන්දියානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියෝජිතයන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
සිව් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අද (අගෝස්තු 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
ඒ අනුව, ආරක්ෂක නිපදවීම් පිළිබඳ ඉන්දියානු ආරක්ෂක ලේකම්, ශ්‍රී අශෝක් කුමාර් ගුප්තා මහතා සහ ඉන්දියාවේ සීමා සහිත ගෝවා නැව් තඨාකාංගනයේ සභාපති සහ කලමනාකරණ අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ශේඛර් මිටාල් මහතා මෙම නිල හමුව සඳහා සහභාගී වී සිටියහ. එහිදී, ඔවුන් ද්විපාර්ෂවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.








