නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 16) මුතුර්, පුන්නයාඩි මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක් සහ තහනම් දැලක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුතුර්, ධිවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.


