නාවික හමුදා කථික තරඟාවලිය 2017
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන නාවික හමුදා කථික තරඟාවලිය 2017 අද ( 2017 අගෝස්තු 18) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා සියලුම විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.
නාවික හමුදා නිලධාරින්ගේ කථන හැකියාව වැඩි දියුණු කිරීම මුලික කරගනිමින් අරම්භ කරන ලද මෙම තරඟාවලිය ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරි වශයෙන් කණ්ඩ දෙකක් (02) යටතේ සංවිධානය කර තිබුණි. එම කාණ්ඩ ද්විත්වයෙන්ම ජයග්‍රහණය කළ පළමු, දෙවන හා තෙවන ස්ථානයන් සඳහා පිළිවෙලින් රුපියල් 100,000, 75,000 සහ 50,000 බැගින් මුදල් ත්‍යාග හා තිළිණ පිරිනැමීම අධ්යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා අතින් සිදු විය.
ඒ අනුව පහත සඳහන් නිලධාරින් අදාළ කණ්ඩයන් යටතේ ජයග්‍රාහණය තහවුරු කර ගැනිමට සමත් විය.
ජ්‍යෙෂ්ඨ නිලධාරි අංශය
ප්‍රථම ස්ථානය - ලුතිනන් කොමාණ්ඩර් දිනේෂ් සිල්වා
දෙවන ස්ථානය - ලුතිනන් කොමාණ්ඩර් රංගන බමුණුසිංහ
තෙවන ස්ථානය - කොමාණ්ඩර් රසික අමරසිංහ
කනිෂ්ඨ නිලධාරි අංශය
ප්‍රථම ස්ථානය - ලුතිනන් මධුෂිකා කත්ත්රිආරච්චි
දෙවන ස්ථානය - ලුතිනන් මනරංග තිලකරත්න
තෙවන ස්ථානය - ලුතිනන් රන්දුල ජයවර්ධන
එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.













