අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
පසුගිය ජූලි 14 වන දින සස්මික පුතා නමැති මෙම බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි. එහිදී, මෙම පුද්ගලයා හදිසි හෘදයාබාධයකට ගොදුරු වී ඇති අතර, බේරුවල පොලීසිය විසින් නාවික හමුදාවට ලබා දුන් පණිවිඩයකට අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යවන ලදී.
ඒ අනුව, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 54 ක පමණ දුරකදී එම රෝගියා නෞකාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉන් අනතුරුව, රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය මහ රෝහල (ශික්ෂණ) වෙත යොමු කිරීමට ද නාවික හමුදාව කටයුතු කරන ලදී.




