නාවික හමුදාව අයගම වැල් පාලම පිළිසකර කරයි
පසුගිය දින කීපය තුළ දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අබලන් වූ රත්නපුර අයගම පාලම යළි පිළිසකර කිරීමට ශ්රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත. ඒ අනුව අද (සැප්තැම්බර් 11) දින සිට නැවත ප්රදේශවාසී ජනතාව වෙත අවදානමකින් තොරව එම පාලමේ ගමන් කිරීමට අවස්ථාව උදාවී ඇත. මෙම ප්රදේශය හරහා ගලා යන ගලතුර ගංඟාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම සැඩ පහරට ලක්ව මෙම වැල් පාලම අබලන් තත්ත්වයට පත් විය.
මෙම පාලම අබලන් වීම පිළිබදව නාවික හමුදාව වෙත දැනුම් දුන් වහාම නාවික නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදා මූලස්ථානය පියවර ගෙන ඇත. එම කණ්ඩායම විසින් ප්රදේශවාසීන්ගේද සහාය ඇතිව එක් දිනක් ඇතුළත එය යථා තත්වයට පත්කිරීමට එම කණ්ඩායම සමත් වී ඇත.











