නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමන් පිළිගනී
ශ්රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා පිළිගැනීමේ උත්සවයක් අද (සැප්තැම්බර් 18) නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් සංවිධානය කොට තිබිණි. එම උත්සවය කොළඹ ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
එහිදී නාවික හමුදා සිවිල්පරිපාලන අධ්යක්ෂිකා, තුෂිතකුමාරි දිසානායක මහත්මියවිසින් නාවික හමුදාධිපතිතුමන්උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව සාම්ප්රදායික පොල් තෙල් පහන දැල්වීමේන් අනතුරුව උළෙලේ වැඩ කටයුතු අරම්භ විය.
සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතූ නාවික හමුදාධිපතිතුමා, නාවික හමුදාවේ රාජකාරීන් හා පරිපාලන කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාම සඳහාඔවුන් දක්වන සහයෝගය හා කැපකිරීම් පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කරන ලදී.නාවික හමුදාවේ උන්නතිය සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා සිවිල් සේවා කාර්යමණ්ඩලයේ අඛණ්ඩ සේවය හා නොමද දායකත්වය අපේක්ෂා කරන බවද එතුමා එහිදීවැඩිදුරටත් අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සිවිල්පරිපාලන අධ්යක්ෂතුමිය විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක්පිරිනමන ලදී. නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්යෙෂ්ඨනිලධාරීන් හා සිවිල් පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් දමෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.








