12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසිර යයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාදක අංශයට අනුයුක්තව පුහුණුව ලැබූ 12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නාවිකයන් 34 දෙනෙකු ඊයේ (සැප්තැම්බර් 29) සාර්ථක ලෙස තුන්වන අධියර පාඨමාලාව හදාරා විසිර යන ලදී.
වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පැවති එම විචිත්‍රවත් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරී, කොමදෝරු රන්ජිත් ප්‍රේමරත්න මහතා සහභාගී විය. එහිදී පුහුණුව තුළින් ඔවුන් ලබා ගත් ප්‍රායෝගික මෙන්ම න්‍යාත්මක දැනුම විදහා දක්වමින් වර්ණවත් ගායන, වාදන සහ නර්ථන අංග ඇතුළත් සංදර්ශණයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කෙරිණි.
පෙබරවාරි මස 27 වන දින සිට මෙම මස 08 වන දින දක්වා එම නාවිකයන් සිය අංශයේ තුන්වන අධියර පුහුණු පාඨමාලාව මෙසේ සාර්ථක ලෙස හදාරන ඇත. එහිදී, පාඨමාලාවේ දක්ෂතම නාවිකයාට හිමි සම්මානය ආධුනික වාදක එන්ඩීඩීවී නිකවැන්න හිමි කර ගත් අතර, වැඩිම ලකුණු ලබා ගත් නාවිකයාට හිමි සම්මානය ආධුනික කාන්තා වාදක එස්එස් රුකුනායක විසින් දිනා ගන්නා ලදී. එම විචිත්‍රවත් අවස්ථාව නැරඹීම සඳහා නාවික හමුදා අධ්යක්ෂ සංගීත, කොමදෝරු ජූඩ් පීරිස් මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු නාවිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.











