ශ්‍රීලංනානෞ එළාර ආයතනයේ 62 වන දිනයට සමගාමීව කරෙයිනගර් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
කරෙයිනගර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට වසර 62 ක් සපිරීම නිමිති කර ගනිමින් නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 05) කරෙයිනගර් දූපත් වාසී ජනතාව වෙනුවෙන් විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් සංවිධානය කොට තිබුණි. මෙය කරෙයිනගර් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
මේ සඳහා යාපනය ශික්ෂණ රෝහලේ සහ යාපනය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ කාර්යය මණ්ඩලය ද සිය දායකත්වය ලබා සපයන ලදී. මෙය නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් වැඩසටහනකි. උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබී ඇත.
මෙම වෛද්‍ය සායනය මගින් යාපනය දිස්ත්‍රික් සහ කරෙයිනගර් දූපත් වාසීන් 383 දෙනෙකු සඳහා වෛද්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට හැකි විය. යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා සහ යාපනය, ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, වෛද්‍ය කේ නන්දිකුමාර් මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
එහිදී, නාවික හමුදා සහ අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයන් විසින් ළමා රෝග, මුඛ/දත්ත රෝග කාන්තාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සහ අනෙකුත් රෝගාබාධ සඳහා මූලික ප්‍රථිකාර ලබා දීමට කටයුතු කරන ලදී. තවද, සියළුම රසායනාගාර පරීක්ෂණ සහ අක්ෂි පරීක්ෂාවන් මඟින් නොමිලේ ඇස්කණ්නාඩි පිරිණැමීම ද මෙහිදී සිදු කෙරිණි. මේ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමිලේ ප්රදානය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.








