ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති නාවික අභ්‍යාසය (CARAT 2017) සාර්ථක ලෙස අවසන් වේ
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද මැරීන් බළකා සෙබළුන්ගේ සහභාගීත්වයෙන් පැවති සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව (CARAT 2017) පිළිබඳ නාවික අභ්‍යාසය අද (ඔක්තෝබර් 06) ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය. 23 වන වරටත් පවත්වන ලද මෙම පුහුණු අභ්‍යාසයේ නවතම සාමාජික රට ලෙස ශ්‍රී ලංකාව පත් වූ අතර, එම අභ්‍යාසය මඟින් ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සාමූහික මෙහෙයුම් දායකත්වය වැඩිදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
මෙම මස 02 වන දින ආරම්භ කෙරුණු මෙම අභ්‍යාසය දින 05 ක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරිණි. මේ සඳහා සහභාගී වන හමුදාවන් අතර සාගරික ආරක්ෂක හැකියාවන් හා මෙහෙයුම් දායකත්වය වර්ධනය කර ගැනීම ප්‍රධානතම පරමාර්ථය වශයෙන් පෙන්වා දිය හැක.
කුඩා යාත්‍රා හැසිරවීම, සාක්ෂි රැස් කිරීම, කිමිදුම් ක්‍රියාකාරකම්, ත්‍රස්ත විරෝධී ආරක්ෂක මෙහෙයුම් සහ සමාජ සත්කාරක සේවාවන්, ක්‍රීඩා සහ සමාජීය ක්‍රියාකාරකම් තුළින් පාර්ශවකරුවන් අතර සබඳතා වර්ධනය කර ගැනීම මෙම අභ්‍යාසය අතරතුරදී සිදු කෙරිණි. 1995 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම අභ්‍යාසය අඛණ්ඩව මේ දක්වා සිදු කරනු ලබන අතර, එය මේ වන විට වෙරළබඩ, මුහුදු සහ ගුවන් පුහුණු අභ්‍යාසයන් සිදු කිරීම දක්වා වර්ධනය වී ඇත.








