තවත් විදේශීය නාවික හමුදා ප්‍රධානීන් 5 දෙනෙක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව අද (ඔක්තෝබර් 09) විදෙස් නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර තවත් ද්විපාර්ශ්වික සාකච්ඡා 5 ක් අද (ඔක්තෝබර් 09) සවස් භාගයේදී පැවැත්විණි. ඒ අනුව, මියන්මාරය, ෆීජි රාජ්‍යය, කොරියාව, මහා බ්‍රිතාන්‍ය සහ ජපානය යන රටවල හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර සාකච්ඡා පැවැත්විණි. එහිදී, විදෙස් නාවික හමුදා ප්‍රධානීන් නාවික හමුදාධිපතිතුමන් සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.
මියන්මාර නාවික හමුදාවේ කොමදෝරු නේ වින් මහතා, ෆීජි රාජ්‍යයේ නාවික හමුදා ප්‍රධානී, කපිතාන් හම්ෆරී තවාකේ මහතා, දකුණු කොරියානු සමූහාන්ඩු නාවික හමුදා විශ්ලේෂණ පරීක්ෂණ හා ඇගයීම් කණ්ඩායමේ ආඥාපති, රියර් අද්මිරාල් ලී සැන්ග් හන්ග් මහතා, මහා බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා නීති උපදේශක ගරු ජේෆ්රී බ්ලැකට් මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උප සභාපති, රියර් අද්මිරාල් සුනිචි හටානෝ මහතා මෙලෙස නාවික හමුදාධිපතිතුමන් සමග ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.
ලොව පුරා විසිරී සිටින සාගරික කටයුතු පිළිබඳ විශේෂඥයින් ඒකරාශී කිරීම තුළින් ඔවුන්ගේ අදහස් සහ දැනුම හුවමාරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මන්ත්‍රණය ඔවුන් සියළු දෙනාගේ පැසසුමට ලක්වූහ. එමඟින් කලාපීය සාගරික සහයෝගීත්වය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කළහ.
නාවික හමුදාධිපතිතුමන් සහ මියන්මාර නාවික හමුදාවේ කොමදෝරු නේ වින් මහතා



නාවික හමුදාධිපතිතුමන් සහ ෆීජි රාජ්‍යයේ නාවික හමුදා ප්‍රධානී



නාවික හමුදාධිපතිතුමන් සහ කොරියානු සමූහාන්ඩු නාවික හමුදා විශ්ලේෂණ පරීක්ෂණ හා ඇගයීම් කණ්ඩායමේ ආඥාපතිතුමන්



නාවික හමුදාධිපතිතුමන් සහ මහා බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා නීති උපදේශකතුමන්



නාවික හමුදාධිපතිතුමන් සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උප සභාපතිතුමන්


