කේරළ ගංජා කිලෝග්රෑම් 153 ක් සොයා ගැනේ
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් පී 465 වේග ප්රහාරක යාත්රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ඊයේ (ඔක්තෝබර් 11) වැල්වැටිතුරෙයි මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 153.7 ක් සොයා ගෙන ඇත.
එම කේරළ ගංජා තොගය ඇසුරුම් 44 ක බහා තිබී ඇති අතර, විකිණීම සඳහා මෙම ගංජා තොගය මෙලෙස මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළ කෙරේ. එම ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන ඇත.





