නෝර්වේ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ නෝර්වේ තානාපති, අතිගරු තෝර්බියෝන් ගස්ටඩ්සේදර් මහතා අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූ අතර, නාවික කටයුතු සිදු කිරීමේදී නෝර්වේ රජය විසින් දක්වනු ලබන සහාය පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්, ගෞවුස්ටාඩ්සීදර් මහතා වෙත සිය ස්තුතිය පුද කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


