නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, අතිගරු ජොඈන් ඩූන්වර්ඩ් මැතිණිය අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.
එහිදී, ඔවුන් දෙරටේ නාවික හමුදාවන් අතර පවතින අන්‍යෝන්‍ය සුහදත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. එමෙන්ම, ඉන්දියන් සාගරය ආශිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකාවන් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.


