කොමාණ්ඩර් ජනිත බුද්ධික ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනිත බුද්ධික මහතා ඊයේ (ඔක්තෝබර් 13) වැඩ භාර ගන්නා ලදී.
කන්කසන්තුරේ ශ්‍රිලංනානෞ උත්තර ආයතනයේ අංක 01 ජැටියේ දී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් ජානක ගුණවර්ධන මහතා විසින් නව අණදෙන නිලධාරීතුමන් වෙත සිය රාජකාරීන් නිසි ලෙස භාර දීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා කොමදෝරු මුහුදු පුහුණු, කොමදෝරු අනුර ඒකනායක මහතා ද සහභාගී විය. රණවික්‍රම නෞකාවේ හිටපු අණදෙන නිලධාරී සහ නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සුමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් විය.





