බංග්ලාදේශ ආරක්ෂක උපදේශකතුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු එස්එම් හකීම් මහතා අද (නොවැම්බර් 04) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව කොමදෝරු හකීම් මහතා විසින් අමුත්තන් සදහා වූ විශේෂ පොතේ සමරු සටහනක් තැබූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




