පාකිස්තානු නාවික නෞකා සයිෆ් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 05) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ශහ්සාඩ් ඉක්බාල් මහතා අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
අභිනව නාවික හමුදාධිපතිතුමා වෙත සුභපැතුම් එක් කළ කපිතාන් ඉක්බාල් මහතා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා සමඟ සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි මහතා ද සහභාගී වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



