ශ්රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමු වෙයි
ශ්රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා අද (නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
එහිදී, කොමදෝරු හකීම් මහතා විසින් ශ්රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රණසිංහ මහතා වෙත සුභාෂිංසන පිරිනමන ලදී. අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



