සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
සුහද සහ පුහුණු සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 06) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් හට සමු දෙන ලදී.
දින 5 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කර ගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු යුද නෞකාවන් සමග නාවික අභ්‍යාසයන් කිහිපයක් ද සිදු කරන ලදී. තවද, එම නෞකාවන්ගේ වාදක අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා වාදක අංශය එක්ව ඊයේ (නොවැම්බර් 05) කොළඹ ගාලු මුවදොර පිටියේදී වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීය. එම සංගීතමය සන්ධ්‍යාව නැරඹීම සඳහා විශාල පිරිසක් ගාලු මුවදොර පිටිය අසල එක් රැස් වී සිටියහ.











