අනුරාධපුර ශාන්ත ජෝසෆ්, මධ්‍ය විද්‍යාලීය සහ ස්වර්ණපාලී බාලිකා ආදී සිසුන් නාවික හමුදාධිපතිතුමන්ට හරසර දක්වයි
නාවික හමුදාධිපති, වියිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත හරසර දැක්වීමේ උත්සව මාලාවක් ඊයේ (නොවැම්බර් 13) අනුරාධපුරයේදී පැවැත්විණි. නාවික හමුදාධිපතිතුමන්, අධ්‍යාපනය ලැබූ අනුරාධපුර ශාන්ත ජෝසප්, මධ්‍ය විද්‍යාලීය සහ ස්වර්ණපාලී බාලිකා ආදී සිසුන් මෙන්ම සම කාලීන පාසල් මිතුරන් විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කොට තිබිණි. පළමුව නාවික හමුදාධිපතිතුමන් විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඉදිකර ඇති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව වෙත පුෂ්පෝහාර දක්වන ලදී.
ඉන් පසුව, නාවික හමුදාධිපතිතුමන් ශාන්ත ජෝසප් විද්‍යාලීය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය උපහාර උත්සව සඳහා එක් වූ අතර, එහිදී, එම විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායම් විසින් විශේෂ සම්මාන ආචාර මුර පවත්වා එතුමන් හට උපහාර දැක්වීය. තවද, එවකට මිශ්‍ර පාසලක්ව පැවති සමයේ නාවික හමුදාධිපතිතුමන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේ සංවිධානය කොට තිබූ උපහාර උත්සවය සඳහා ද සහභාගී විය. එම අවස්ථාවන් සඳහා විද්‍යාලීය විදුහල්පතිවරුන්, ගුරු භවතුන් ඇතුළු සිසු දරු දැරියන් මෙන්ම ආදි ශිෂ්‍යන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය උපහාර උත්සවය සඳහා එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන කෘෂිකර්ම අමාත්‍ය, ගරු දුමින්ද දිසානායක මහතා සහභාගී විය. මෙම උපහාර දැක්වීමේ අවස්ථාව සඳහා එවකට නාවික හමුදාධිපතිතුමන්ගේ පන්ති භාර ගුරුතුමිය සහභාගී වී සිටීම විශේෂ කරුණක් වූ අතර, එහිදී නාවික හමුදාධිපතිතුමන් වෙත ඇයගේ උණුසුම් සුභ පැතුම් සහ ආශිර්වාදය හිමි විය.
නාවික හමුදාධිපතිතුමන් අධ්‍යාපනය හදාරණ ලද පාසල් විසින් සංවිධානය කරන ලද මෙම උපහාර උත්සවයන් නාවික හමුදාධිපතිතුමාගේ මහත් ප්‍රශංසාවට සහ ඇගයීමට ලක් වූ අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් පාසල්හි විදුහල්පතිවරුන් වෙත සමරු තිළිණයන් ප්රදානය කරන ලදී. එහිදී, ඔවුන් විසින් ද නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණ පිරිනැමීට කටයුතු කරන ලදී. එම විද්‍යාලීය ඉතිහාසයන්හි මෙතෙක් බිහි වූ පළමු ආරක්ෂක හමුදා ප්‍රධානී වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඉතිහාසයට එක් වනු ඇත.
අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලීය උපහාර උත්සවය




























අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය උපහාර උත්සවය




























අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලීය උපහාර උත්සවය











