ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ජ්‍යෙෂඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (05) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමාගේ ලේකම් සහ නාවික ලේකම් කොමදෝරු (සැපයුම්) විජිත මැද්දෙගොඩ මහතා සහ නාවික සහන පදනමේ කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේඑම් දයානන්ද මහතා ද සහභාගී වී සිටියහ.
නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගයනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්රදානය ආරම්භ කෙරුණු අතර, මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයින් 1111දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දිමට කටයුතු කර ඇත.



