ශ්‍රීලංනානෞ ජගතා නෞකාව සිය 26 වන නෞකා දිනය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජගතා හී 26 වන සංවත්සරය නිමිත්තෙන් එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් නිශාන්ත කුලතුංග මහතාගේ අංශ පිරික්සීම පසුගිය නොවැම්බර් මස 15 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි. එම අංශ පිරික්සුම නාවික යුධායුද දෙපාර්තමේන්තුව අසල පිහිටි නව ජැටියේදී පැවැත්වූ අතර, නෞකාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් සියළු දෙනා එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.








