උතුරු නාවික විධානය විසින් නයනතිව් දුපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (නොවැම්බර් 18) යාපනය, නයනතිව් දූපතේ පිහිටි නාගදීප රජමහා විහාරස්ථානයේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
ඒ සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබී ඇත. මෙම වෛද්‍ය සායනය මගින් නයනතිව් දූපතෙහි සිවිල් ජනතාව සහ නැවත පදිංචි කරන ලද ජනතාව ඇතුළු පුද්ගලයින් 350 දෙනෙකු වෙනුවෙන් වෛද්‍ය පහසුකම් නොමිලේ ලබා දීමට හැකි විය.
මෙම වැඩසටහන මගින් බරපතල, නිදන්ගත, වැඩිහිටි, ළමා, ගර්භනී රෝගාබාධ සහ කාන්තා වෛද්‍ය සායනයන් මෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රථිකාර ලබා දිමට ද එහිදී කටයුතු කෙරිණි. තවදුරටත් ඔවුන්ට නොමිලේ වෛද්‍ය රසායනාගාර පහසුකම් සහ ඖෂධ සපයන ලදි. මෙම ක්ෂේත්‍ර වෛද්‍ය සායන සඳහා නාගදීප රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ සහයෝගය ද ලැබුණු අතර, අවශ්‍ය ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත විසින් නොමිලේ ලබා දෙන ලදී.








