කේරළ ගංජා කිලෝග්රෑම් 153.1 ක් සොයා ගැනේ
උතුරු නාවික විධානයට අයත් පි 437 වේග ප්රහාරක යාත්රාවට සහ වෙරළාරක්ෂක බලකායේ සිජි 401 වේග ප්රහාරක යාත්රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (නොවැම්බර් 19) පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 153.1 ක් සොයා ගෙන ඇත.
එම කේරළ ගංජා තොගය ඇසුරුම් 60 ක බහා තිබී ඇති අතර, විකිණීම සඳහා මෙම ගංජා තොගය මෙලෙස මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළ කෙරේ. එම ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.



