ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයක්
ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියේ එක් තරඟයක් ඊයේ (නොවැම්බර් 19) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. නාවික හමුදා පාපන්දු කණ්ඩායම සහ මොරගස්මුල්ල පාපන්දු කණ්ඩායම සමඟ පැවති එම තරඟාවලියේ ලකුණු 3 ට 2 ක් වශයෙන් තියුණු ජයක් අත් කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. එහිදී, බල නාවික එන්ඩබ්ඩීඩබ්කේ පෙරේරා, සාමාන්‍ය නාවික එම්එන්එන් මීරා සහ සාමාන්‍ය නාවික අයිඑච්පී කාවිංග නාවික හමුදාව වෙනුවෙන් ගෝල වාර්තා කරන ලදී.





