ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා නෞකාවන්ගේ නව අණදෙන නිලධාරීන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවන් වන ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා හි නව අණදෙන නිලධාරීන් අද (නොවැම්බර් 20) සිය තනතුරු වල වැඩ භාර ගන්නා ලදී.
ඒ අනුව ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (කිමිදුම්) ප්‍රභාත් ෆර්ඩිනැන්ඩස් මහතා සහ වීරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) සුදේෂ් විදානගේ මහතා වැඩ භාර ගත්හ. නෞකාවන්ගේ හිටපු අණදෙන නිලධාරීන් වන කපිතාන් (සංඥා) මහින්ද මහවත්ත සහ ලුතිනන් කොමාණ්ඩර් (අවි) චන්දිම ශාන්ත යන නිලධාරීන් නාවික සම්ප්‍රදායානුකූලව නව අණදෙන නිලධාරීන් හට එම නෞකාවන් භාර දෙන ලදී.
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ අංක 1 ජැටියේදී පැවති ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී භාර දීම සහ භාර ගැනීමේ අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා සහභාගී විය. වීරයා නෞකාවේ අණදෙන නිලධාරී භාර දීම සහ භාර ගැනීම ත්‍රිකුණාමලය නාවික යුධා යුධ දෙපාර්තමේන්තු නව ජැටියේදී සිදු කෙරිණි. නෞකාවන්ගේ හිටපු නව අණදෙන නිලධාරීන්ගේ අංශ පිරික්සුම් වලින් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.
ශ්‍රී ලංනානෞ ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගැනීම






ශ්‍රී ලංනානෞ වීරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගැනීම









