චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මේජර් ජෙනරාල් ශි ෂොන්ගු මහතා ඇතුළු චීන ආරක්ෂක අංශ නියෝජිතයින් 56 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් අධ්‍යයන චාරිකාවක් සඳහා අද (නොවැම්බර් 21) මෙරටට පැමිණෙන ලදි.
ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ශි ෂොන්ගු මහතා අද (නොවැම්බර් 21) සන්ධ්‍යාවේ නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා ඇතුළු චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සාමාජිකයින් සිව් දෙනෙකු (04) සහභාගිවන ලදී. එහිදි අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් හා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය. තවද, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.




