67 වන නාවික දිනය නිමිත්තෙන් ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඊයේ (නොවැම්බර් 24) කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත්විණි. කොළඹ සහායක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම ආගමික වැඩසටහනේදී නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින්ටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.
එම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යමුනා විජේගුණරත්න මැතිනිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, සන්ධ්‍යා රණසිංහ මැතිනිය සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, හිටපු නාවික හමුදාධිපතිවරුන් ඇතුළු සේවයේ නිරත සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගී විය.














