ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
ඩයගොල් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් අතර පැවති තරඟය ඊයේ (නොවැම්බර් 25) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ලකුණු 31 ට 24 ක් වශයෙන් පොලිස් කණ්ඩායම පරාජයට පත් කරමින් නාවික හමුදා රග්බි පිල සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී. එහිදී, නාවික හමුදා ක්‍රීඩකයින් ගෝල දිනුම් 3 ක් සහ එක් දඩුවම් පහරක් මඟින් සිය ජයග්‍රහනය ලබා ගැනීමට සමත් වී ඇත.
එම ක්‍රීඩා තරඟය නැරඹීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවික හමුදා සහ පොලිසිය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.





