මූලික සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස හදාරන ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 33 දෙනෙක් විසිර යයි
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ කිමිදුම් පුහුණු පාසල මඟින් පවත්වන ලද මූලික සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ ත්‍රිවිධ හමුදා පුද්ගලයින් 33 දෙනෙකු ඊයේ (නොවැම්බර් 24) විසිර ගියහ. විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා සහභාගී විය.
පාඨමාලාවේ දක්ෂතම කිමිදුම්කරුට හිමි සම්මානය දිනා ගැනීමට නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නායක නාවික ඩීසීඒ කුමාර හට හැකි විය. පාඨමාලාව අවසානයේ ඔවුන්ට හිමි නිල ලාංඡන පැලදවීම කොමදෝරු පෝල් මහතා විසින් සිදු කරන ලදී. නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, යුද හමුදා සහ ගුවන් හමුදා විශේෂ බලකායන්ට මෙන්ම කොමාණ්ඩෝ බලකායට අයත් නාවිකයන්/සෙබළුන් මාස 3 ක කාල සීමාවක් පුරා මෙම පාඨමාලාව හදාරා ඇත. එමඟින් ඔවුන් හට සිය වෘත්තීමය දැනුම, න්‍යායික සහ ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබිණි.









