නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට
පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම, මත් පෙති, කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීම යන හේතූන් මත අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 22 වන දින මන්නාරම දකුණූ මුහුදු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් හා තහනම් දැල් 2 ක් නාවික හමුදා භාරයට පත් වූ අතර, එම පුද්ගලයන් ඇතුළු ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත පසුගිය නොවැම්බර් 23 වන දින වයඹ විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මදුරන්කුලිය, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව එම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස කංසා ඇතුලත් බුලත් (Mawa) කිලෝග්‍රෑම් 2.25 ක් සහ දෙහි මිශ්‍ර දුම්කොල ටින් එකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුන්දලම, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය නොවැම්බර් මස 24 වන දින ඇලස්වත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.200 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කේරළ ගංජා තොගය විකිණිම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
බටහිර නාවික විධානයට ලද බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මීගමුව, පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය නොවැම්බර් මස 25 වන දින සිදු කළ වැටලීමකදී මිගමුව, බොලවලාන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 10 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 4 ක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒවා විකිණීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, එම වේදනා නාශක ඖෂධ පෙති, කේරළ ගංජා තොගය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මිගමුව, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.






