පුහුණු වන නාවික නිලධාරීන්ගේ සංගීතයෙන් හැඩගැන්වූ Live in Uncommon 2017 සංගීතමය සැදෑව
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නාවික නිලධාරීන් විසින් සංවිධානය කරන ලද Live in Uncommon 2017 සංගීත ප්‍රසංගය පසුගිය නොවැම්බර් මස 26 වන දින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම වර්ණවත් සංගීතමය සන්ධ්‍යාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය.
පුහුණු වන නිලධාරීන් සතුව ඇති සංගීතමය හැකියාවන් ඔප්නැංවීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරනු ලැබූ මෙම ප්‍රසංගය ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය 31, 32, 35 යන නිලධාරී බඳවා ගැනීම් සහ 59 හා 60 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීම් වලට අයත් පුහුණු වන නිලධාරීන් විසින් පවත්වන ලදී. එහිදී ඔවුන් විසින් ඉතා අලංකාරවත් මෙන්ම සුමිහිරි ගායන, වාදන සහ නර්ථන අංගයන් ඉදිරිපත් කෙරිණි.
මෙම සෞන්දර්යාත්මක සන්ධ්‍යාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන සහ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී පුහුණු වන නිලධාරීන්ගේ කලාත්මක හා සංගීතමය හැකියාවන් ඔවුන්ගේ පැසසුමට ලක් විය.











