ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව සාර්ථක ලෙස නිමා වෙයි
පසුගිය නොවැම්බර් මස 23 වන දින කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු පළමු ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව ඊයේ (නොවැම්බර් 28) සාර්ථක ලෙස නිමාවට පත් විය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ වත්මන් අණදෙන නිලධාරී කොමාණ්ඩර් රුවන් රූපසේන මහතාගේ ආරාධනය පරිදි නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.
එමෙන්ම වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක් වී සිටියහ. නිලධාරීන් 6 දෙනෙකුගෙන් සහ නාවිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම පාඨමාලාව හැදෑරූ අතර, එහිදී ඔවුන් හට ආපදා කළමණාකරනය පිළිබඳ න්‍යායාත්මක දැනුම මෙන්ම ගංවතුර වැනි ස්වාභාවික ආපදා තත්ත්වයන් හිදී විපතට පත් ජනතාව ඉන් මුදවා ගනිමින් ඔවුන් ආරක්ෂිත ස්ථානයන් කරා රැගෙන යාම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකියාව ලැබිණි.











