67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික වැඩසටහනක්
දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (නොවැම්බර් 29) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
මෙම ආගමික වැඩසටහනේදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින් හටත් ආශිර්වාද කරමින් යාඥාවක් පවත්වන ලදී. එම ආගමික වතාවත් සඳහා නාවික හමුදා අධ්යක්ෂ නාවික වෛද්‍ය සේවා, රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන, අධ්යක්ෂ ජනරාල් සේවා සහ අධ්යක්ෂ ජනරාල් පරිපාලන, රියර් අද්මිරාල් මුදිත ගමගේ හා අධ්යක්ෂ ජනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සුජීව පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.
එමෙන්ම, නාවික හමුදා මුස්ලිම් සංගමයේ සභාපතිතුමන්, නාවික හමුදාවේ රාජකාරී නියුතු මුස්ලිම් ජාතික පුද්ගලයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් ද එම ආගමික කටයුතු සඳහා සහභාගී වී සිටියහ. මෙම ආගමික වැඩසටහන කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් අනිල් බෝවත්ත මහතාගේ මඟපෙන්වීම යටතේ එම ආයතනයේ නාවික පුද්ගලයින් විසින් සංවිධානය කරන ලදී.











