නාවික හමුදාධිපතිතුමන් ගරු අග්රාමාත්යතුමා හමුවෙයි
ශ්රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 29) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා හමුවිය. වයිස් අද්මිරාල් රණසිංහ මහතා නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගරු අග්රාමාත්යතුමන් හමු වූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
ගරු අග්රාමාත්යතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් අග්රාමාත්යතුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.


