පාකිස්තානු මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්රාමික) ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ පාකිස්තානු ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි මහතා ද එක් විය. එම හමුව සනිටුහන් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




