ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (දෙසැම්බර් 01) රාත්‍රී කෝවිලන් තුඩුවට සහ පේදුරු තුඩුව උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් ට්‍රෝලර් යාත්‍රාවක් කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද අනෙක් ට්‍රෝලර් යාත්‍රාව සහ ධීවරයින් සියළු දෙනා කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ද රැගෙන එන ලදි. ඉන් අනතුරුව එම ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.






