නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව කේරළ ගංජා ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු, මත් පෙති ළඟ තබා ගත් පුද්ගලයෙකු, ව්‍යාජ මුදල් ළඟ තබාගත් පුද්ගලයෙකු මෙන්ම හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු, ඩොල්ෆින් මසුන් අල්ලන ලද පුද්ගලයින් දෙදෙනෙකු, නිතී විරෝධිව සදුන් දැව ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහ නිතී විරෝධිව මසුන් අල්ලන ලද පුද්ගලයින් 13 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය නොවැම්බර් මස 27 වන දින බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ බම්බලපිටිය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පෑලියගොඩ, ගස්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 740 ක් සහ රුපියල් 26,060.00 ක මුදලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයා, හෙරොයින් සහ මුදල් ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑලියගොඩ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පට්ටියාපොළ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය නොවැම්බර් මස 28 වන දින තංගල්ල, කාල්ටන් පෙර පාසල ඉදිරිපිටදී නිතී විරෝධි සඳුන් දැව කිලෝගෑම් 15 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. යතුරු පැදියක් මඟින් සඳුන් දැව ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, යතුරු පැදිය සහ සඳුන් දැව ඉදිරි නීතිමය කටයුතු සඳහා තංගල්ල, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
පසුගිය නොවැම්බර් 29 වන දින ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ සොදිසි කිරීමකදී කින්නියා පාලම අසල දී වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 100 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඖෂධ පෙති මත් වීම සඳහා යොදා ගන්නා අතර, වෛද්‍ය නිර්දේශයකින් තොරව විකිණීම හෝ ලඟ තබා ගැනීම තහනම් වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් මස 01 වන දින සිදු කළ වැටලීමකදී එරක්කන්ඩි ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් දහසක (1000.00) මුදල් නෝට්ටුවක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ව්‍යාජ රුපියල් දහසක නෝට්ටුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
එමෙන්ම, බේරුවල, වෙරළාරක්ෂක මධ්‍යස්ථානය වෙත ලද තොරතුරකට අනුව, ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් මස 01 වන දින බේරුවල වරායේ සිදු කළ සෝදිසි කිරීමකදී ඩොල්ෆින් මසුන් කිලෝග්‍රෑම් 27 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ලෝරි රථයක් මඟින් ඩොල්පින් මසුන් ප්‍රවාහනය කිරීමට සුදානාම් කර තිබිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ලෝරි රථය සහ ඩොල්ෆින් මසුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර, ධිවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් මස 02 වන දින පේසාලේ ප්‍රදේශයේ සිදු කළ සොදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 800 ක් සහ විද්‍යුත් තාරාදියක් සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද කේරළ ගංජා සහ විද්‍යුත් තාරාදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 02 වන දින තලෙයිමන්නාරම ජැටියට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර බලපත්‍ර රහිතව තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී, ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රා 5 ක්, තහනම් දැල් 03 ක්, අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 670 ක් සහ හක් බෙල්ලන් 07 අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිස් වෙත භාර දීමට කටයුතු කෙරිණි.
පසුගිය දෙසැම්බර් මස 03 වන දින නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව වැල්ලවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 7 ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගන්නා ලදී. වෑන් රථයක් මඟින් එම කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, වෑන් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලවත්ත, පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.











