ජාත්‍යාන්තර මුහුදු නීතිය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්
නීති විරෝධි මසුන් ඇල්ලීම, සංක්‍රමණිකයන්, මුහුදු නීතිය හා ඒ අාශ්රීත පනත් සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විය. මෙම වැඩසටහනේ දේශණ පවත්වන ලද්දේ ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීති නිලධාරින් පිරිසක් විසිනි.
එහිදි නීති විරෝධි ක්‍රියාකාරකම් වලට එරෙහිව නාවික හමුදා පුද්ගලයින් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කළ අතර, මෙම වැඩසටහන සඳහා නාවික හා සාගරික විද්යපිඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා ඇතුළු විවිධ ආයතන, නෞකා සහ යාත්‍රා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු සහභාගිවි සිටියහ.









